Wednesday, July 9, 2014

new

විදෙස් පුවත්

පිටසක්වළ ජීවීන් සොයන අළුත් ක‍්‍රමවේදකැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පිටසක්වළ බුද්ධිය සෙවීම හෙවත් සෙටී වැඩසටහන විසින් පිටසක්වළ ජීවීන් පිළිබඳ සෙවිය හැකි
ගාසා තීරය මහා යුධ පිටියක් වේ.. 25ක් මරුටගාසා තීරයේ ඇති වූ දරුණු ගැටුම් වලින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත්ව 70 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
පල්ලියේ ලිංගික අපචාර වලට පාප්තුමා සමාව ඉල්ලයිකතෝලික පූජකවරුන් විසින් සිදුකළ ළමා අපචාර සඳහා ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන් විසින් සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මූල්‍ය අරමුදල යුක්රේනයට සියදිවි නසාගන්නා හැටි කියා දේජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්රේනයට ණය ලබාදීම යනු රටක් වශයෙන් සියදිවි නසාගන්නට සැලැස්වීමක් බව
ඉරාන මගී ගුවන් යානයකට ඇමරිකාව පහරදී වසර 26යිඉරාන මගී ගුවන් යානයකට ඇමරිකාව විසින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමේ ඛේදජනක සිදුවීම සිදුවී 26 වසරක් ගෙවී ගොස් තිබේ.
යුක්රේනය ගෑස් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට බටහිර සැරසේයුක්රේනය ගෑස් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ජර්මනියට සහ ඇමරිකාවට අවශ්‍යව ඇති බව යුක්රේන ජාතික තෙල්

සහජීවනය

හාමුදුරුවරු දෙමලෙන් බණ කියන්න නැති උනන්දුවක් ඉංග‍්‍රීසියෙන් බණ කියන්න ඇත්තේ ඇයිතාවකාලිකව කළ හැකි දේවල් තිබෙනවා. දෙමළෙන් බුදුබණ දේශනා කළ හැකි බෞද්ධ හිමිවරු සිටිනවා. උන්වහන්සේලා දකුණේ ඈත පළාත්වල වැඩසිටින්නේ.
අයින්ස්ටයින්ගේ ආලෝක වේග ගණනය වැරදියි.. ග‍්‍රහවස්තු පිහිටීම යළි සොයන්න වෙයිමෙතෙක් දැන සිටි ප‍්‍රමාණයට වඩා ආලෝකය අඩු වේගයකින් ගමන් කරනවා විය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.
නාථ දෙවියන් දුන් වට්ටෝරුවකින් සෑදු කැඳ පැකට්ටු අඩු මිලට වෙළඳ පොලේනාථ දෙවියන් ඇතුළු දෙවියන් විසින් දෙන කැඳ වට්ටෝරුවක් හෙළ සුවය සංවිධානය විසින් හඳුන්වා දී තිබේ.හෙළ සුවය නිර්මාතෘ ප‍්‍රියන්තා සේනානායක
අක්කර 50,000ක් වස විස නැතිව වවන්න බිත්තර වී නොමිලේ දෙන්න දේශීය පර්යේෂකයන් සූදානම්ඉදිරි කන්නයේදී මෙරට කුඹුරු අක්කර 50,000ක් වසවිසෙන් තොරව වගා කිරීම සඳහා බිත්තර වී ගොවි ජනතාවට නොමිලේ
වී අලෙවි මණ්ඩලය වී බැංකුවක් කර වසරකට කෝටි 200ක් ලාභ ලබමු.ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩා සංකීර්ණය රටේ සියළු ධාන්‍ය ගබඩා ගොඩනැගිලි වලට වඩා විශේෂ මුහුණුවරක් ගනිමින් පවතී.

hot

Monday, July 7, 2014

දෙඅත් නැතත් රිය පදවයි

හදිසි රථ වාහන පරීක්ෂාවක නිරතව සිටි චීනයේ හුඛෙයි ප්‍රාන්තයේ සියැන්ටෝ නගර පොලිසිය දෙඅතම අහිමිල දෙපයේ ආධාරයෙන් මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්හ.
වෝ ගුවෝ නම් වූ මේ පුද්ගලයා හදිසි අනතුරකින් තම දෙඅතම අහිමි වුනේ යැයි පොලිස් නිළධාරීන් හමුවේ පැවසීය.තම මිතුරෙකු තමන්ට රිය පැදැවීමේ මූලික කරුණු කියා දුන් බවත් පසුව දෙපයින් රිය පැදැවීමට පුහුණු වුනු බවත් ඔහු කීය.
වම් පයේ ඇගිලි වලින් සුක්කානම රදවා තබා ගැනීම හා කරකැවීම සිදුකරන අයුරුත් දකුණු පයෙන් වේග හා තිරිංග පැඩලයන් පාගන අයුරුත් ඔහු පෙන්වීය.
මෝටර් රථය කිලෝ මිීටර ලක්ෂයක් පදවා ඇතැයි එහි මීටර පුවරුවේ සදහන්ව තිබුණි.ඒ මුලූ දුර මෝටර් රථය පැදවූයේ තමන් යැයිද මේ දක්වා කිසිදු අනතුරක් සිදුවූයේ නැතැයි යැයිද ගුවෝ පැවසුවේය.
කෙසේනමුත් රියැදුරු බලපත්‍රයක් නොතිබුණු හෙයින් ගුවෝ අත්අඩංගුවට ගැනීමටත් මෝටර් රථය තමන් භාරයට ගැනීමටත් පොලිස් නිළධාරීහු කටයුතු කළහ.
ඔහුගේ ධෛර්යය ඉතා මහත් කොට සළකන්නේ වුවත් ඔහු සිටින තත්ත්වය අනුව මාර්ගයේ අනෙක් රියැදුරන්ට ඔහු මාරකයක් වනු ඇතැයි යන අවදානම බැහැර කළ නොහැකි බවත් මෙනිසා ඔහු රිය පැදැවීමට කුලී රියැදුරෙකු යොදාගැනීමට එකග වන්නේ නම් පමණක් ඔහුගේ මෝටර් රථය නැවත ඔහුට ලබා දෙන බවත් පොලිස් බළධාරීහු පැවසූහ.

Sunday, July 6, 2014

නඩුත් නැත බදුත් නැත වාහනත් නැත රේගුවේ වාහන බදු වංචාවක්‌


ජාතියේ දොරටු පාලකයන් ලෙස අංශ ගණනාවකින්ම රේගුව වැදගත්කමක්‌ උසුලයි. රේගුවේ වැදගත් භාවය පිළිබඳ සඳහන් කරන රාජ්‍ය ආදායම් පිළිබඳ විශේෂඥයකු වන බී. එස්‌. ගිල් සඳහන් කරන්නේ, වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධාන බලවේගයක්‌ සේම රටක ආදායම් පිළිබඳ නීතිරීති හි උල්පතක්‌ ලෙසද රේගුව ක්‍රියා කරන බවය. පොතේ එසේ ඇතත්, මේ රටේ රේගුවේ කතාව නම් තිබෙන්නේ කොතැන දැයි ලිපිය අවසානයේදී පාඨකයෝ ම දැන ගනිත්වා.

රේගුව විසින් භාණ්‌ඩ තක්‌සේරු කර, ඒ අනුව බදු අය කර ගැනීම සිදු කෙරේ. මේ සඳහා වන ක්‍රමය සකස්‌ වූයේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුවය. මෙහි වෙනසක්‌ සිදු කරන ලද්දේ සුප්‍රකට ගැට්‌ සම්මුතිය මගිනි. ගැට්‌ සම්මුතිය අනුව තක්‌සේරු ක්‍රමය සකස්‌ කරන ලද්දේ, ලෝක වෙළෙඳ සංවිධානය, ලෝක රේගු සංවිධානය වැනි සංවිධාන මූලික වීය. ගැට්‌ සම්මුතියට අනුව භාණ්‌ඩ තක්‌සේරු කිරීමේදී තම රටට සිදුවන හානි දායක තත්ත්වයෙන් දේශීය නිෂ්පාදන රැක ගැනීම සඳහා අවම මිලක්‌ ඒ භාණ්‌ඩ සඳහා බදු අය කර ගැනීමට සකසා දෙමින් කොන්දේසි ඇතුල් කරන ලදී. මෙම ගැසට්‌ සම්මුතිය අනුව තමන්ට තිබෙන අවාසිදායක තත්ත්වයන් අවම කර ගැනීමට ඉන්දියාව කොන්දේසි පැනවූ මුත්, එවැනි "බාධාවන්ගෙන්" තොරව එම සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදීය. මෙය ශ්‍රී ලංකාව සඳහා නීතියක්‌ ලෙස සකස්‌ වන්නේ, 2003 වසරේ අංක 2 දරන රේගු (සංශෝධන) පනත මගිනි. එහි 10 වැනි ඡේදයෙන් භාණ්‌ඩ සඳහා අවම බදු වටිනාකමක්‌ තීරණය කිරීමට මුදල් ඇමැතිවරයාට බලතල ලැබිණි.

එම බලතල යටතේ, මුදල් ඇමැතිවරයා විසින් වාහන සඳහා බදු අය කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත, ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. වත්මන් මුදල් ඇමැතිවරයා ලෙස මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. එම නිර්දේශානුකූලව දේශීය ඒජන්තවරයා හෝ ආනයනකරුගේ ඉන්වොයිස්‌ මිල හා නිෂ්පාදිත සමාගමේ මිල යන දෙකෙන් වැඩි මිල වාහනයේ මිල ලෙස තීරණය කරනු ලබයි. වාර්ෂික කැපවීම් අඩු කිරීමටද අවස්‌ථාව ලබාදී තිබුණු අතර මීට පෙර මාස පහට වැඩි අවුරුද්දට අඩු කාලයක්‌ සඳහා 5% ක මිල ක්‍ෂය වීමක්‌ සඳහා අවසර ලබාදී තිබිණි. නමුත් නව ගැසට්‌ නිවේදනයෙන් එම කාලය සඳහා ක්‍ෂයවීම් ගණනය කිරීමටද අවස්‌ථාව නොලැබිණි. මෙම නියෝගය සඳහන් ගැසට්‌ පත්‍රය සෑම මාස හයකටම වරක්‌ නිකුත් කළ යුතු වුවත් රේගු පනත ප්‍රකාරව මුදල් අමාත්‍යවරයාගේ නියෝගය බලාත්මක කිරීම රේගුව සතු වගකීමක්‌ විය.

පුදුම සහගත සිද්ධිය වන්නේ පනතින් මුදල් ඇමැතිවරයාට තිබුණු බලය, රේගුව විසින් පත් කර ගත් මෝටර් රථ වාහන තක්‌සේරු කමිටුවක්‌ වෙත පැවරීමය. 2014 අප්‍රේල් මාසයේ සිට මෝටර් රථ වාහන සඳහා බදු අය කිරීමට මිල ගණන් තක්‌සේරු කරන ලද්දේ රේගුවේ මෙම කමිටුව විසිනි. ඒ සඳහා නෛතික බලයක්‌ තිබේද... එය ලැබුණේ කාගෙන්ද... යන්න කිසිවෙක්‌ නොදන්නා නමුත් කටයුත්ත සිදුවුණේ එසේය.

මෙම කමිටුව මගින් මිල ගණන් තීරණය කිරීම හේතුවෙන් හිතුමතේට මිල ගණන් තීරණය කිරීමේ නිලධාරිවාදයක්‌ ගොඩනැඟී තිබිණි. අත යට වාසි සඳහා ඉඩ සලසා දෙන මෙම ක්‍රමය නිසා අයාලේ යන බදු ප්‍රතිපත්තියක්‌ මෝටර් රථ වාහන සඳහා බලපවත්වන්නට පටන් ගත්තේය. තක්‌සේරු කිරීමේ අංශයේ හොද්ද කොතරම් හොඳ දැයි කිවහොත් "වරක්‌ වැන්දොත් කැලණියේ සේ, වරක්‌ තක්‌සේරු අංශයේ හිටියත් ගොඩ..." යෑයි රේගු සේවකයන් අතර කතාවක්‌ද බිහිවන මට්‌ටමක්‌ ඇතිවී තිබිණි.

රාජ්‍ය සේවකයන් සඳහා තීරුබදු සහන යටතේ වාහන ගෙන්වීමට ලබාදෙන අවසර පත්‍රය හෙවත් "පර්මිට්‌ එක"මෙම අයාලේ යන බදු ප්‍රතිපත්තියෙන් රජයට අය විය යුතු විශාල මුදලක්‌ අහිමි කිරීමට සමත්වී තිබේ. ඒ මුදලින් කොටසක්‌ සමහරුන්ගේ සාක්‌කුවල බව අමුතුවෙන් කිව යුතු නැත.

වාහන පර්මිට්‌ පත්‍රයක්‌ හිමිවීම යනු රාජ්‍ය සේවකයෙකුගේ පැත්තෙන් වාහනයක්‌ ගැනීමට අවස්‌ථාවක්‌ හිමිවීමම නොවේ. තමන්ගේ අනිකුත් අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දී පර්මිට්‌ පත්‍ර හිමි රාජ්‍ය සේවකයන් බහුතරයක්‌ එය පිටට විකුණන බව නොදන්නේ කවුරුන්ද? වාහන පර්මිට්‌ පත්වල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන්නේ මෙම විකිණීම බහුලවීම නිසා ඉල්ලුමට වඩා සැපයුම වැඩිවීමෙනි. අනිත් අතට, පර්මිට්‌ පත්‍ර සඳහා ගෙන්වනු ලබන වාහනවල සුඛෝපභෝගී භාවය බලන විට, ඒවා පරිහරණය කරන්නේ එම පර්මිට්‌ පත්‍රය හිමි රාජ්‍ය සේවකයා නම්, නොකා නොබී, අන් කිසිවක්‌ නොකර එම වාහනයම ජීවිතයම කරගෙන සිටිය යුතු මට්‌ටමේ, රාජ්‍ය සේවකයින්ගේ වැටුපට ඔරොත්තු නොදෙන මට්‌ටමේ වාහන එ මගින් ආනයනය කර තිබේ. එයින් පෙනී යන්නේ රාජ්‍ය සේවක වහන පර්මිට්‌ පත්‍රය මුදලාලි පැලැන්තිය සඳහා සුඛෝපභෝගී වාහන ලාබයට ගෙන්වා ගැනීමට ලබාදී තිබෙන මාර්ගයක්‌ වී ඇති බවය. තිබෙන වාහන පර්මිට්‌ පත්‍ර ඩොලර් 25000, 30000, 35000 යන වටිනාකමට අයත් ය. ඒ අතරම, ඩොලර් 5000 ක වැඩිවීමක්‌ සඳහා ද නීත්‍යානුකූලව අවසර ලබාදී තිබේ. විනිමය අනුපාතිකයේ වෙනස්‌වීම් සඳහා සහනයක්‌ ලබාදීම එම 5000 සීමාව ලබාදීමේ අරමුණය. නමුත් එම සීමාව ද ඉක්‌මවා ගියහොත් වාහනයේ සම්පූර්ණ බදු මුදලම අය කර ගැනීම, නෛතික සීමාවයි. එසේ වුවත් වාහනයක්‌ ආනයනය සඳහා වන ණයවර පත්‍රය 2014 අප්‍රේල් මාසයට පෙර විවෘත කර තිබුණහොත් මෙම සීමාව නොමැතිව බදු සහනය ලබාදීමට කටයුතු කරමින් තිබීම නිසා මේ වනවිට රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් කෝටි 300 ක්‌ පමණ වන බව සඳහන්ය. පර්මිට්‌ පත්‍රයට අනුව ඩොලර් 35000 කට වැඩි වාහනයක්‌ ගෙන්වන්නේ නම් ඒ සඳහා සම්පූර්ණ බදු මුදලම අය විය යුතු වුවත් "2014 අප්‍රේල්වලට පෙර විවෘත කරන ලද ණය වර ලිපි" නම් අමුතු සහනයක්‌ යටතේ ඩොලර් 35,000 සීමාව ඉක්‌මවා ගොස්‌ බදු සහන යටතේ අධි සුඛෝපභෝගි වාහන 400 ක්‌ පිටවී ඇතැයි ගණනය කර තිබේ.

2014 අප්‍රේල් යන සීමාව ඇති වන්නේ, රේගුව විසින් මෝටර් රථ වාහන තක්‌සේරු කමිටුව පත් කිරීමට පෙර කාලය ලෙස ගෙනය.

කිරිපිටි, අල, හාල් වැනි ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අදාළ භාණ්‌ඩයක්‌ සඳහා බද්දක්‌ පැනවුවහොත් ඒවා "වහාම ක්‍රියාත්මක වන පරිදිය". බද්ද පැනවූ දිනයේ සිටම එය ක්‍රියාත්මකය. ඒ අපේ එදිනෙදා වේල නිසාය. එම නීතිය, සැප වාහනවලට අදාළ නොවන්නේ ඒවා මේ රටේ 'තීරක බලය' හිමි පිරිසගේ වුවමනා නිසාය.

මෙම ක්‍රමයෙන් ආණ්‌ඩුවට, රේගු බදු ආදායම අහිමි වන ආකාරය සඳහා උදාහරණයක්‌ ලෙස, මර්සිඩීස්‌ බෙන්ස්‌ පාවිච්චි කරන ලද කාරයක්‌ ගනිමු. එය ඩොලර් 35000 සීමාව ඉක්‌මවා ගිය පර්මිට්‌ පතකට ගෙන්වන වාහනයකි. ඒ සඳහා සම්පූර්ණ බදු මුදල ලක්‍ෂ 141 ක්‌ පමණ වුවත් "නව ක්‍රමය" යටතේ ඒ සඳහා රේගු බදු මුදල රු. ලක්‍ෂ 77 ක්‌ පමණක්‌ වී තිබේ. එකට එකක්‌ අඩුවී මේ ලෙස රජයට අය විය යුතු රේගු මුදල් නොලැබුණු සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව 400 ක්‌ වුවත් ඒ ගැන කිසිවෙක්‌ කතාබහක්‌ නැත. අසරණයකු ලයිට්‌ බිල නොගෙවුවහොත්a විදුලිය කපන්නේ දින 14 ක්‌ තුළය. එහි ගණන සමහරවිට රුපියල් හාරදහසක්‌ පමණ වෙයි. මේ වංචා කරන්නේ ලක්‍ෂ හැත්තෑ ගණනිනි. ඒ ගැන කතාවක්‌ ඇත්තේම නැත.

අලුත්ම ක්‍රමය වී ඇත්තේ රේගුවේ රථවාහන තක්‌සේරු කමිටුවේ ගණන් ද පැත්තකට කර ඒ ඒ වාහනය රේගු නිලධාරීන් විසින් ගණන් බලා තක්‌සේරු කර බදු අය කර ගැනීමය. ඒ තුළ 'තත්ත්වය' තවත් දරුණු වී තිබේ.

මෙසේ කටයුතු කරන්නට නම් රටට නීතියක්‌ සේම රේගුවක්‌ ද අවශ්‍ය නැති බව පෙනේ. මෝරුන්ට රිංගිය හැකි දැල් සාදා හාල්මැස්‌සන්ට වැට බඳින මෙම ප්‍රතිපත්තිය ගැන වැට්‌ වංචාව විභාග කළා සේ සොයා බැලිය යුතු බව සඳහන් කරමු.

තාත්තලාගේ රණ්‌ඩුවලට ජීවිතයෙන් වන්දි ගෙවූ හාපැටව් දෙන්නා

මේ සතියේ මුළු රටම කම්පා කළ දුක්‌බරම කතාව යළිත් ඔබට කියවීමට දීම ගැන මා සමඟ උරණ නොවනු මැනවි. මේ කතාව ඇසූ මගේ සිත මොන තරම් කම්පා වූවාද යන්න දන්නේ මා පමණි. මම ද දරුවන් සිටින පියෙක්‌මි. පියෙකු තම දරුවකු මරා දමන්නේ මොන හිතකින් දැයි මට නම් සිතා ගත නොහැක. එහෙත් මේ කතාවේ පියා එක්‌ දරුවකු නොව සිය සුජාත දරු දෙදෙනාම මරා දමන්නට තරම් සැහැසි වූ පාපී පියෙක්‌ ලෙස මම හඳුන්වමි.

තමන්ගේම දරුවන් ගංගාවලට විසි කරන, මරා දමන හෝ මහපාරේ අතරමං කර දමා යන මව්වරු මෙන්ම පියවරු ද සිටිති. ඒ හැම අපරාධයකටම හේතු කාරණා ද තිබේ. සැකය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වැනි බොහෝ හේතූන් සමඟ මිනිහා තුළ සිටින යක්‍ෂයා අවදි වූ පසු එතැන් සිට ඕනෑම අපරාධයක්‌ කළ හැකිය.

යටියන්තොට මීඔය වතුයායේ මලල්පොළ කොටසේ පදිංචිව සිටි ජෝශප් රාජා ඇන්තනී නමැති තිස්‌ දෙහැවිරිදි මේ තාත්තා ද සියතින් ම වඩා හුරතල් කළ රම්‍යා චතුරංගි දියණිය හා සලිඳු සසංක පුතු ද ගෙල සිරකර මරා දමා ඇති විත්තිකරුවකු බවට අද පත්ව සිටින්නේ ඒ මිනිස්‌ දුබලකම් නිසාම දැයි දන්නේ දෙවියන් පමණි.

මේ තාත්තා අපරාධකරුවකු බවට පත්ව සිටින්නේ අම්මාගේ තහනම් ප්‍රේමයක ඵලයක්‌ ලෙසින් බව ඔහු විසින් පොලිසියට දෙන ලද කටඋත්තරයෙන් පෙනේ.

සුරංගනා සිහින දකිමින් නිදා සිටි දරු දෙදෙනා නින්දෙන්ම ඔසවා ගත් තාත්තා සාරි පොටකින් හා පාසල් බෑග් පටියකින් ඔවුන්ගේ ගෙල ගැටගසා ඇඳට ඉහළින් තිබූ බාල්කයේ එල්ලා ඇත්තේ මොන විදියේ මාරාවේෂයකින් දැයි සිතා ගැනීමටත් අසීරුය.

මේ ඔහු විසින් ම කරන ලද පාපොච්චාරණයේ වචනයි.

"වෙලාව පාන්දර 2 ට විතර ඇති. මං බලන කොට දරුවො හොඳටම නිදි. මං සාරියක්‌ අරගෙන එක දරුවෙකුගෙ බෙල්ලට එක කොනක්‌ ගැටගැහුවා. සාරිපොට බාල්කෙට විසි කළා. අනිත් කොන අනිත් දරුවගේ බෙල්ලෙ ගැට ගැහුවා. දරුවො දෙන්නම ගැහෙන්න පටන් ගත්තා. මටම බලන් ඉන්න බෑ. පස්‌සෙ මං සාරි පොට බාල්කෙන් කපල මගෙ ජීවිතෙත් විනාශ කරගන්න හැදුව. ඒ එක්‌කම මගෙ ඔලුවට ආව මේක ගිහිල්ල මගෙ කිට්‌ටුව පාත ඉන්න මල්ලිට කියන්න. පස්‌සෙ මං ගියා. ඔවුන් මේ සිද්ධිය පොලිසියට දැන්වුවා. මට මැරෙන්න දුන්නෙ නෑ. ඒත් එතකොටත් දරුවො දෙන්න මැරිල."

සිරුර ලොමු දැහැ ගන්වන ඒ අපරාධයේ නිමිත්ත කුමක්‌ දැයි දැන් බලමු. හේතුව අම්මා නැතහොත් ඔහුගේ බිරිඳ මැදපෙරදිගට ගොස්‌ තම සැමියා හා දරුවන් අමතක කිරීම බව කියති. පිටරට ගිය බිරිඳ වෙනත් සබඳතාවක්‌ ඇතිකර ගැනීම ගැන වියරු වූ ඔහු එලෙස දරුවන් දෙදෙනාත් මරා තමාගේත් ජීවිතය විනාශ කර ගැනීමට තීරණය කර ඇති බව දැනට හෙළි වී තිබෙන කරුණුය.

"මගේ බිරිඳ අවුරුද්දකට විතර කලින් සෞදි අරාබියට ගියා. මට ඒ දවස්‌වල ටෙලිෆෝන් එහෙමත් කළා. ඒත් මට දැනුණ ක්‍රමයෙන් ඇගේ වෙනසක්‌. අපි ටැලිෆෝන් එකෙන්ම රණ්‌ඩුත් වුණා. අන්තිමට එයා මට කිව්ව එයා ආපසු මං ළඟට එන්නෙ නෑ කියලා. පස්‌සේ මට හිතුන ළමයිනුත් මරල මාත් මැරෙන්න ඕනෑ කියල."

මේ තාත්තා හා අම්මා කලක්‌ ජීවත්ව ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ය. යටියන්තොටට ආවේ ඊට ටික කලකට පසුවය. පවුලට අමුත්තෝ ද එක්‌වූහ. අගහිඟකම් සමඟ ඒ දරුවෝ ද වැඩුණහ. ඒත් එදාවේල පිරිමහ ගැනීම ද ගැටලුවක්‌ විය. ඇය තෝරා ගත්තේ ලේසිම විසඳුමය. ඒ එතෙර රැකියාවකි. එහෙත් සැමියා ඊට විරුද්ධ විය. දුප්පත්කම ඔහුගේ විරෝධයට වඩා දැඩි පීඩනයක්‌ වූ නිසා අන්තිමේදී පිටරට යැම තීන්දු විය.

එතෙර ගිය ඇයට මෙතෙර සිටින සැමියාත් දරු දෙදෙනාත් එපා වූයේ ඇයි? දුක බෙදා ගෙන ආදරයෙන් සිටි සැමියා එපා වූයේ ඇයි? අලුත් ආදරය මිහිර සොයා ගිය ඇය මේ විනාශයට ඔවුන් ඇද දමා නැද්ද? ප්‍රේමයේ අවසානය වෛරය බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ පුහුදුන් අප කාගේත් ස්‌වභාවයයි. එහෙත් ඒ වෛරයෙන් විනාශ වී ගියේ මේ ලොව සිටින ඉතාම අහිංසක හාපැටවුන් දෙදෙනෙකි.

අම්මා හා තාත්තා අතර තිබෙන විරසකය මේ හාපැටවු දනිත් ද? එය තේරුම් ගැනීමට තරම් මේරූ හිතක්‌ ඔවුන්ට තිබේද? නින්දෙන් තමන්ව අවදි කරවා මේ රෑ දෙගොඩහරියට තාත්තා කරන්න හදන්නේ කුමක්‌ දැයි ඒ හාපැටවුන්ට හැඟීමක්‌ නොතිබුණු බව ද සහතිකය. එහෙත් ඔවුන්ට වේදනාවේ හඬක්‌ වත් පිට කරන්නට නොලැබුණු බව ද පැහැදිලිය.

බිරිඳකගේ සෙනෙහස මරු කතරේ වියළී ගොසින් ය. හුරතල් සිනා නැගූ හාපැටවුන් මරු සමඟ ගොසින් ය. පෙමින් ළංව සිටි සැමියා විත්ති කූඩුවේ හිර වී සිටියි. මේ සාහසික අපරාධයට හේතු වූ අම්මා ඈත දුරු රටක වෙනත් සැමියකු සමඟසුවසේ සිටින්නිද? ඇය මේ විපත් අසා නොහඬන්නීද?

සියල්ල සිදුවී අවසන් ය. හෙට තවත් බොහෝ දේ සිදු විය හැකිය. බලාපොරොත්තු කඩවීමේ වේදනාව වෛරයෙන් හා මරණයෙන් අවසන් වීමට පෙර එයට පිළියමක්‌ යොදා ගත යුතුය. අම්මලා එතෙර යවා රන් කහවුණු සෙවීමට දිරිදෙන කවුරු කවුරුත් මේවා ගැන දැඩිව සිතා බැලිය යුතුය.

ශිරාන් රණසිංහ

ඔව්. මං සී අයි ඩී එකට ගියා සමහරු බොදු බලයට ගහනවා කුඩු බලයට යටවෙනවා!

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි
අලුත්ගම බේරුවල ගැටුමත් සමගම වඩාත් විවාද සම්පන්න චරිතය බවට පත්වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ය. පසුගිය සතියේ උන්වහන්සේගේ "ඇමරිකානු වීසා" පවා අත්හිටුවීමට එරට රජය ක්‍රියා කළේය. මේ උන්වහන්සේ "ඉරිදා දිවයින" සමග පළකල අදහස්‌ය.

නවිපිල්ලේගේ විද්වත් කමිටුව ඔළු තුනේ මකරෙක්

ආචාර්ය දයාන් ජයතිලක
ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකළ බිහිසුණු යුද අපරාධ පිළිබඳ සොයාබැලීමට පවා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පත්කළ කමිටුවේ සිටියේ එක්‌ ප්‍රබල පුද්ගලයකු පමණි. නමුත් රටවල් ගණනාවක්‌ බෙදා වෙන් කිරීමට කටයුතු කළ පින්ලන්තයේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ප්‍රබල පුද්ගලයන් තිදෙනකු සහිත...